බෞද්ධ රාජකීය සරසවිය.
ආරාමික ථෙරවාද ත්‍රිපිටක බෞද්ධ අධ්‍යාපනයේ පළමු හා ප්‍රමුඛතම සරසවිය වන “බෞද්ධ රාජකීය සරසවිය” නමැති බෞද්ධ අධ්‍යාපන සරසවිය ප්‍රතිපත්ති සද්ධර්මයට මුල් තැන දෙමින් පැරැණි මහා විහාරික ථේරවාද බෞද්ධ අධ්‍යාපන ක්‍රම නැවත ප්‍රචලිත කරමින් සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිකාමී ධර්ම විනය ධර භික්ෂූන් වහන්සේලා හා ධර්මමාමක ගිහි පින්වතුන්ලාගේ ආශ්‍රය නිශ්‍රය ලබමින් නිස්සරණාධ්‍යාශයෙන් පිළිගත් බෞද්ධ අධ්‍යාපන පාඨමාලාවන් හැදෑරිය හැකි සරසවියයි.
මෙම සරසවිය නිවන් මග ගුණ පුරන ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලාට හා සත්පුරුෂයන්ට සද්ධර්ම නෞකාවක් බඳුව උතුම් ශ්‍රේෂ්ඨ සාසන වැඩ පිළිවෙලක් ලෙස අට්ඨකථා, ටීකා, සන්න ගැටපද සහිත ථෙරවාදී ත්‍රිපිටක ධර්මය සමග විවිධ භාෂා ශාස්ත්‍රයන්ද, සුවිශේෂී ධර්ම කොට්ඨාස හා ධර්ම ග්‍රන්ථයන් ද, නූතන ලෝකයේ සාසන කටයුතු සඳහා අවැසි තාක්ෂණික දැනුමද ඉතාම පිරිසිදුව පිළිවෙලකට මෙම බෞද්ධ රාජකීය සරසවිය මගින් ගිහි පැවිදි දෙපක්ෂයටම ලබාදීම සිදුකරයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව නමැති උතුම් සාසන වැඩපිළිවෙලේ තවත් එක් ශ්‍රේෂ්ඨ සාසන වැඩ පිළිවෙලක් ලෙස අට්ඨකථා සහිත ථෙරවාදී ත්‍රිපිටක ධර්මය සමග විවිධ භාෂා ශාස්ත්‍රයන්ද, සුවිශේෂී ධර්ම කොට්ඨාස හා ධර්ම ග්‍රන්ථයන් ද, නූතන ලෝකයේ සාසන කටයුතු සඳහා අවැසි තාක්ෂණික දැනුමද ඉතාම පිරිසිදුව පිළිවෙලකට මෙම යෝගාශ්‍රම ත්‍රිපිටක ධර්ම පීඨය මගින් ගිහි පැවිදි දෙපක්ෂයටම ලබාදීම සිදුකරයි.
යුද්ධයකට සූදානම් වන සෙබළා බොහෝ කලක සිට පුහුණු වී යුධ අභ්‍යාස හා ශිල්පීය සටන් ක්‍රම මනාව දැන ඉගෙන ඊට අවශ්‍ය ආයුධ හා ආභරණ ආදියෙන් සැරසී තමන්ට සහාය වන එවැනිම පුහුණුව ලද යෝධ බට පිරිසක් සමගින් යුද්ධයට මුහුණ දෙයි. එය පිරිසක් විනාශ කොට තමන් ජය ගැනීමට කරන සටනකි. එම සටනින් මෙලොව පරලොව දෙකටම යහපතක් නම් සිදු නොවෙයි.
අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ සිරි ජිනවංස මාහිමිපාණන් වහන්සේ ද යුද්ධයකට සූදානම් වූහ. ඊට සුදුසු යෝධ පරාක්‍රමයෙන් යුතු පිරිසක්ද ඒ සඳහා සහභාගී කර ගත්තාහ. වර්ෂ 1951 ජුනි මස 18 වන දින යුද්ධය ඇරඹීය. මෙයද කිසියම් බලයක් විනාශ කොට තම තමන් ජය ගැනීම පිණිස කරන කරන ලද යුද්ධයකි. ඒ තමන්ටවත් අනුන්ටවත් .....

මෙම විනය අධ්‍යයන අංශය මගින් ථෙරවාදී විනය පිටකය අට්ඨකථා සහිතව ආචාර්ය පරම්පරානුගත ක්‍රමය නොඉක්මවා ඛුද්දානුඛුද්දක ශික්ෂාපදයන්ගේ පටන් සියලු විනය ශික්ෂාවන්ද, අපලෝකන විනය කර්මාදියේ පටන් සියලු විනය කර්මද, විනය විනිශ්චයන්ද දැන ඉගෙන ගෙන සිල්වත්ව ගුණවත්ව සියලු විනය විනිශ්චයන්හි අසංහීරව විනය විස්සර්ජන ආදියෙහි යෙදී විනයෙහි අනු කුඩා සියලු සැක සංකා දුරු කොට සම්මා සම්බුද්ධ ශාසනයට ආයුෂ එක්කරමින් ස්වකීය නිවන් මඟ සාදා ගැනීමට කැමැති සත්පුරුෂ උතුමන්ට බෞද්ධ රාජකීය සරසවියේ විනය අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන විනය අධ්‍යයන පාඨමාලාවන් හැදෑරීමද, විනය විභාග වලට ඉදිරිපත් වීමද, නිබන්ධන හා පැවරුම් සකස් කිරීම ද, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති විනයාචාර්ය හා විනය විශාරද උපාධි ලබා ගැනීමද සිදුකළ හැක.
මෙම සූත්‍ර පිටක අධ්‍යයන අංශය මගින් ධර්මස්කන්ධ විසිඑක්දහසක් ඇතුළත්ව පවතින පස් මහා නිකායකින් විසිතුරුව බබලන විදර්ශනා භාණ්ඩාගාරයක් බදු වූ උතුම් සූත්‍ර ධර්ම දේශනා විදර්ශනා ඥාන කුළුගන්වමින් ගුරු පරපුරෙන් ආ විසිතුරු ධර්ම කතාවෙන් සමාහිත වූ සිත් ඇතිව අරිහත්වය කෙළවර කොට නිවන් මඟ එළිපෙහෙළි කරමින් ඉගෙන ගනු කැමති ගිහි පැවිදි දෙපිරිසටම බෞද්ධ රාජකීය සරසවියේ සූත්‍ර අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන සූත්‍රාන්ත අධ්‍යයන පාඨමාලාවන් හැදෑරීමද, සූත්‍රාන්ත විභාග වලට ඉදිරිපත් වීමද, නිබන්ධන හා පැවරුම් සකස් කිරීම ද, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති ධර්මාචාර්ය්‍ය හා සූත්‍ර විශාරද උපාධි ලබා ගැනීමද සිදුකළ හැක.
මෙම අභිධර්ම පිටක අධ්‍යයන අංශය මගින් ත්‍රිපිටකයෙහි ධර්මස්කන්ධ හරි අඩක් ඇතුළත්ව පවතින සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ගම්භීරම දේශනාව ඉතාම පිරිසිදුව ථෙරවාදී ආචාර්ය පරම්පරාවෙන් පැමිණි අධ්‍යයන ක්‍රම වලට අනුකූලව ඉගෙන ගනු කැමති සත්පුරුෂ ඔබ සියලු දෙනා හට බෞද්ධ රාජකීය සරසවියේ අභිධර්ම පිටක අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන අභිධර්ම අධ්‍යයන පාඨමාලාවන් හැදෑරීමද, අභිධර්ම විභාග වලට ඉදිරිපත් වීමද, නිබන්ධන හා පැවරුම් සකස් කිරීම ද, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති අභිධර්මාචාර්ය හා අභිධර්ම විශාරද උපාධි ලබා ගැනීමද සිදුකළ හැක.
මෙම බාහිර අධ්‍යයන අංශය මගින් බොහෝ සෙයින් ගිහි පින්වතුන් උදෙසා ඔවුනට මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කරගෙන නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන ධර්ම කොට්ඨාශ ත්‍රිපිටකයට අනුකූලව පිරිසිදුව පිළිවෙලකට ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම සඳහා පහත පාඨමාලාවන් පවත්වනු ලබයි. බාහිර අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන මෙම අධ්‍යන පාඨමාලාවන් ගිහි පැවිදි කාටත් එක සේ හැදෑරීමද, මෙම විභාග වලට ඉදිරිපත් වීමද, නිබන්ධන හා පැවරුම් සකස් කිරීම ද, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති ඩිප්ලොමා හා උපාධි ලබා ගැනීමද සිදුකළ හැක.
මෙම තාක්ෂණික අධ්‍යයන අංශය මගින් බොහෝ සෙයින් නූතන ලෝකයක් සමඟ ධර්ම ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අවැසි නව තාක්ෂණික දැනුම උන්වහන්සේලා වෙත ලබාදීම සිදු කරනු ලබයි.
අපගේ බෞද්ධ රාජකීය සරසවියේ හා අධ්‍යාපන අංශවල සංවිධාන හා කළමනාකරණ කටයුතු අංශ කිහිපයක් යටතේ සිදු කරනු ලබයි. තිවර්ග සැප සම්පත් ගෙන දෙන ප්‍රඥා පාරමිතාදී මහා පාරමිතාවන් කුළුගන්වන මේ මහා සාසනික වැඩපිළිවෙලට නොයෙක් අයුරින් සහ සම්බන්ධ වීමට කැමති සත්පුරුෂයන් අපගේ සංවිධායක මණ්ඩලය අමතන්න.
🌿 Explore Over 150 Buddhist Educational Programs
Our institution proudly offers an expansive selection of over 150 Buddhist studies programs designed to foster deep scholarly inquiry and personal development. These accredited diploma and degree programs encompass both traditional and contemporary fields within Buddhist education, including:
🪷 Diploma in Buddhist Psychology and Counseling
🪷 Diploma in Buddhist Philosophy
🪷 Diploma in Sri Saddharmagaveshi Studies
🪷 Diploma in Dharma Acharya Studies
🪷 Diploma in Pali and Sanskrit Languages
🪷 Diploma in Sri Saddharmakovida Studies
🪷 Honorary Degree of Mahā Paṭṭhāna Āchārya
🪷 Degree in Tripiṭakāchārya Studies
🪷 Honorary Degree of Tripiṭaka Vishārada
These programs are structured to meet the needs of monastics, lay scholars, educators, counselors, and those seeking spiritual and intellectual growth through the Buddhist tradition.
To learn more about all other courses Click below
🌿 Why Choose Our Campus for Your Buddhist Educational Journey?
අපගේ සරසවිය නිර්මල ථේරවාද ධර්මය සාරය කොට ගත් ආරාමික භික්ෂූ බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රමුඛතම හා පළමු සරසවිය ලෙස ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන අතර ගිහි පැවිදි දෙපක්ෂයටම ගැඹුරු අධ්‍යාත්මික හා පරියාප්ති ධර්ම ඥාන මෙන්ම භාවනාමය ඥාන සංවර්ධනයක් අත් විඳීමට අද්විතීය අවස්ථාවක් ලබා දෙයි. අපගේ ආරාමික බෞද්ධ අධ්‍යාපනික සරසවිය ඔබගේ බෞද්ධ අධ්‍යාපනය සඳහා කදිම තේරීමක් බවට පත් වන්නේ ඇයි?
🪷 නීත්‍යානුකූල පසුබිම, ප්රමිතීන් සහ අන්තර්ගතය.✔️
ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව සංස්ථාගත කරන ලද උසස් අධ්‍යාපනික සරසවියක් ලෙස වනගත සෙනසුන්වල පැවති ඉපැරණි සම්ප්‍රදායික ආරාමික බෞද්ධ අධ්‍යාපන ක්‍රම අනුව සකසන ලද බෞද්ධ අධ්‍යාපනයෙහි පුළුල් වැඩසටහන් බෞද්ධ රාජකීය සරසවිය මගින් පිරිනමනු ලබයි. ඒ අනුව අපගේ විෂය මාලාවට බෞද්ධ දර්ශනයේ අත්‍යවශ්‍ය අංග ආවරණය වන පරිදි ථෙරවාදී ත්‍රිපිටක ධර්මය මෙන්ම අටඨකථා සාහිත්‍යය ද ටීකා අනුටීකා සන්න ගැටපද පරිවාර ග්රන්ථාගත සාරය කැටිකොට සහතික පත්‍ර, ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා, උපාධි ඇතුළු පුළුල් පරාසයක අධ්‍යාපන දීමනා ඇතුලත් වේ. ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල, ජාත්‍යන්තර බෞද්ධ සංවිධානාදිය සමග ඒකාබද්ධව ඉපැරණි ආරාමික බෞද්ධ අධ්‍යාපනයේ නැවුම් පියවරක් තබමින් සම්ප්‍රදායික ඉගැන්වීම් සහ බුදු දහමේ සමකාලීන අර්ථ කථන යන දෙකටම සම්බන්ධ වීමට තරයේ සූදානම් බව සහතික කරමින් දැඩි අධ්‍යාපන ප්රමිතීන් ආරක්ෂා කිරීමට අප සරසවිය ඇප කැපවී සිටිමු.
🪷 බෞද්ධ අධ්‍යයනය පිළිබඳ සුවිශේෂී උපාධි වැඩසටහන්✔️
වනගත සෙනසුන්වල භාවිත වන ත්‍රිපිටක අධ්‍යන සම්ප්‍රදායට අනුකූලව සිදු කරනු ලබන ත්‍රිපිටකාචාර්ය සහ ත්‍රිපිටක විශාරද වැනි කීර්තිමත් උපාධි පිරිනමන අධ්‍යයන පාඨමාලා අප සරසවිය තුළ ක්‍රියාත්මක වන අතර මෙම උපාධි ඒවායේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ මූලධර්ම අඛණ්ඩතාව සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත.
🪷 ගෝලීය වශයෙන් පිළිගත් සහතික✔️
ආරාමික බෞද්ධ අධ්‍යයනයන්හි අපගේ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා වැඩසටහන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ප්‍රවේශමෙන් නිර්මාණය කර ඇති අතර, ඔබේ අධ්‍යයන සුදුසුකම්වලට ගරු කිරීම පමණක් නොව නිසි තැන ලබා දීමට අප ඇප කැප වී සිටිමු.
🪷 අධ්‍යාපනික පාඨමාලා සඳහා සම්බන්ධ වීම✔️
සෑම ගිහි පැවිදි කෙනෙකුටම ඉපැරණි ආරාමික දහම් අධ්‍යාපනය ලබා ගත හැකි බව සහතික කිරීම අපගේ අරමුණයි. ඒ අනුව අපගේ ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාවන් ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා සම්පූර්ණයෙන්ම නොමිලයේ පිරිනමනු ලබන අතර, සහතික පත්‍ර සැකසුම් ආවරණය කිරීම සඳහා අවම ලියාපදිංචි ගාස්තු පමණක් ඇතැම් පාඨමාලාවන් සඳහා අවශ්‍ය විය හැක. පැවිදි පක්ෂයට සහ ඉල්ලීමක් කරනු ලබන ගිහියන් සඳහා එයින්ද නිදහස් කිරීම් ලබා දෙන්නෙමු.
🪷 අපගේ අරමුණ හා අධ්‍යාශය✔️
නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වටිනාකම් අගයන සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි යනාදී අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම මත පදනම්ව හෝ ධර්මානුකූල දිවිපැවැත්ම තුළින් මෙලොව සාර්ථකත්වය උදාපත් කර ගැනීම මත පදනම්ව හෝ දැහැමි පිළිවෙත තුළින් පරලොව සුගතිට පත්වීම මත පදනම්ව හෝ සසර ඕඝය තරණය කොටස නිර්වාණාවබෝධයට පත්වීම මත පදනම්ව හෝ අපගේ සරසවියේ ධර්ම අධ්‍යාපනයට යොමු වන සියල්ලන්ගේ මේ හැම අධ්‍යාශ එක් කොට නිස්සරණ අධ්‍යාශය කරාම යොමු කරවීම බෞද්ධ රාජකීය සරසවියේ සෑම පාඨමාලාවකම ඒකායන අරමුණයි.
🪷 නව්‍ය මාර්ගගත ඉගෙනුම් අත්දැකීම්✔️
බෞද්ධ රාජකීය සරසවි නව්‍ය මාර්ගගත ඉගෙනුම් වේදිකාව බාධාවකින් තොරව සහ නම්‍යශීලී අධ්‍යාපනික අත්දැකීමක් සියලුම ගිහි පැවිදි සත්පුරුෂ ඔබට ලබා දෙයි. උසස් ඉගැන්වීමේ ක්‍රමවේද සහ පරිශීලක-හිතකාමී අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතා කරමින්, සිසුන්ට ලෝකයේ ඕනෑම තැනක සිට තමන්ගේම වේගයෙන් අධ්‍යයන කටයුතුවල නිරත විය හැකිය.
🪷 කීර්තිමත් පැවිදි විද්වතුන්ගේ මඟ පෙන්වීම✔️
සෑම පාඨමාලාවකටම ලියාපදිංචි වන අයට අධ්‍යන කටයුතු කරගෙන යන අතරතුර ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාච පරියාප්ති ත්‍රිපිටක ධර මහා ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය සෘජුවම ලබාදීම.
පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ත්‍රිවිධ සද්ධර්මයෙහි නිස්සරණ අධ්‍යාශයෙන් මනාව පිහිටා ගත් උසස් බෞද්ධ පාඨමාලාවන්ගෙන් සන්නද්ධ වූ අපගේ බෞද්ධ රාජකීය සරසවිය විශිෂ්ට ධර්මඥානයක් සොයා යන ඕනෑම කෙනෙකුට අද්විතීය හා පරිවර්තනීය පරිසරයක් නිර්මාණය කර දෙයි. අප සමග එක් වන්න, පරියාප්තියෙන් ප්රතිපත්තියද ප්‍රතිපත්තියෙන් ප්රතිවේධයද කරා යන ගමනට එක්වන්න..

👥 Our Advisory and Academic Faculty Board
Our university is guided by a distinguished Advisory Board made up of highly respected members of the Maha Sangha—knowledgeable, disciplined, and compassionate guardians of the Dhamma who excel in both the Tripitaka and various other disciplines. These esteemed individuals, together with dedicated and accomplished lay scholars, offer profound spiritual insights and ethical leadership that are deeply rooted in centuries of monastic and scholarly tradition.
Our academic faculty comprises both ordained monks and lay lecturers, each of whom is well-versed in Buddhist teachings and practices. With a steadfast commitment to their mission, they work tirelessly to foster moral integrity, intellectual clarity, and spiritual wisdom in all students. Their shared aspiration is to enlighten both hearts and minds by spreading the pure Dhamma, ensuring that the fundamental principles of the Triple Gem—Buddha, Dhamma, and Sangha—are cherished and upheld throughout the educational experience.
සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී ගුණගරුක පරියාප්ති ත්‍රිපිටකධර තදර්ථකථා හා බාහිර විෂයක්ෂේත්‍රයන්හි නිපුණ බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය ප්‍රධාන ශ්‍රද්ධාවන්ත ධර්මධර ගිහි පින්වතුන් සහිත උතුම් අනුශාසක මණ්ඩලයක දූරදර්ශී මඟපෙන්වීමකින් නියාමනය වන අපගේ සරසවිය වන සෙනසුන් වල බොහෝ කාලයක් ගුණධර්ම දියුණු කළ සාසන ගුණ මිහිර මස් ඇට ඇට මිදුළු පාසාම විනිවිද ගිය බුද්ධ ධම්ම සංඝ යන රතනත්‍රය දිවිහිම් කොට ඇති නිශ්ශරනාධ්‍යාශයෙන් යුතුව ධර්ම විනය පුරුදු පුහුණු කොට බොහෝ සාදු ජනයාගේ හද මැදුරු තුළ නිර්මල සද්ධර්මය ඔපනය කරවීමට ප්‍රතිබල සම්පන්න ගිහි පැවිදි කථිකාචාර්ය මණ්ඩලයකින් සමන්විත වෙයි.

📣 Course Information & Updates
We invite all prospective and current students to register for our wide range of certificate, diploma, and degree programs. To stay informed about course commencement dates, registration deadlines, and other important academic updates, please join our official WhatsApp group via the link below:
By joining the group, you will receive timely notifications and direct access to essential university announcements.
Mission
අප සරසවියේ ප්‍රධානතම මෙහෙවර වන්නේ පරියාප්ති ශාසනය ආරක්ෂා කොට ලොව බොහෝ දෙනා හමුවෙහි විවෘත කොට බබුළුවා එය ලජ්ජීන්ගේ සන්තානයෙහි ඔපනය කොට ආගමධර ප්‍රතිපත්ති කාමී සාදු සත්පුරුෂ ජනයා සිය දහස් ගණනින් බිහිකොට ප්‍රතිපත්ති ශාසනයද සුරක්ෂිත කොට ප්‍රතිවේධ ශාසනය සැම කල්හි ලොව පවත්වා ගැනීමයි.
ලෝකාර්ථ චරියාවෙහි නිරත සාධු සත්පුරුෂ ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ධර්මයෙන් පරිබාහිර ලෝකායතන විෂයන් අධ්‍යයනයෙහි උත්සහ රහිත වී නිස්සරණ අධ්‍යාශයෙන් තමන් ලද ධර්ම විනය දැනුම මත පදනම්ව නූතන ලෝකයෙහි අධ්‍යාපන මිනුම් තුළ ඩිප්ලෝමා හා උපාධිධාරී උගතුන් බවට පත් කිරීමයි.
වන සෙනසුන්වල සැඟවී සිට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ධර්ම විනය උගන්වා ධර්ම විනය ධර සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සාසනය තුළ ඇති කිරීමෙහි ව්‍යාවට වූ මහා යතිවරයාණන් වහන්සේලාට හා ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලාට සේම ඒ නිස්සරණ අධ්‍යාශයෙන් යුතු උගත්කම්වලට නෛතික වටිනාකමක් නූතන ලෝකය තුළ එකතු කිරීමයි.
Vision
අතීතයේ මහා යතිවරයාණන් වහන්සේලා දිවි හිමියෙන් සුරක්ෂිත කොට අද දක්වාම රැගෙන ආ තථාගතප්පවේදිත ධර්ම විනය සංග්‍රහ වූ ත්‍රිපිටකය, අට්ඨකථා, ටීකා හා ටිප්පනි ග්‍රන්ථ, සන්න ගැටපද හා පරිවාර ග්‍රන්ථ, විනය විනිශ්චයන්, ධර්ම විනිශ්චයන් ධර්ම රස, අර්ථ රසාදියෙහි ඌනත්වයකින් තොරව පැරණි බෞද්ධ අධ්‍යාපනික ක්‍රම ද ඇතුළත් කොට නූතන විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලාවන් වලට කැටිකොට නව තාක්ෂණික අධ්‍යාපනික ක්‍රම උපායන් තුලින් වර්තමාන ලෝකයට ගැලපෙන අයුරින් ගිහි පැවිදි දෙපක්ෂයට ලබාදීම හා එතුළින් වර්තමාන සමාජය තුළ ධර්මධර විනයධර ප්‍රතිපත්ති කාමී ගිහි පැවිදි පිරිසක් ඇතිකොට අධර්මය අවිනය මිථ්‍යා මත ප්‍රතිභාහනය කරමින් සාදු සත්පුරුෂ සමාජයක් බිහි කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.
නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වටිනාකම් අගයන සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි යනාදී අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම මත පදනම්ව හෝ ධර්මානුකූල දිවිපැවැත්ම තුළින් මෙලොව සාර්ථකත්වය උදාපත් කර ගැනීම මත පදනම්ව හෝ දැහැමි පිළිවෙත තුළින් පරලොව සුගතිට පත්වීම මත පදනම්ව හෝ සසර ඕඝය තරණය කොටස නිර්වාණාවබෝධයට පත්වීම මත පදනම්ව හෝ අපගේ සරසවියේ ධර්ම අධ්‍යාපනයට යොමු වන සියල්ලන්ගේ මේ හැම අධ්‍යාශ එක් කොට නිස්සරණ අධ්‍යාශය කරාම යොමු කරවීම බෞද්ධ රාජකීය සරසවියේ සෑම පාඨමාලාවකම ඒකායන අරමුණයි.
